Tuesday, September 27, 2011

Facebook Time Line ( New feature ) කියන්නේ මොකක්ද

මේ සදහා එකක් Facebook Developer Account එකක් තියෙන්න ඕන. නමුත් අපිට Developer Account එකක් නැත්නම් ඉතාම පහසුවෙන් එය සාදාගන්න පුලුවන්,

1. ඔබේ Facebook Search පිටුවේ Developer ලෙස Search කරන්න.



2. දැන් App එකක් Create කරන්න ඕන,මේ සදහා වම් පස ඉහල ඇති Create New App යන්න තෝරන්න

මෙහිදී  App එකට නමක් සහ Display name එකක් ලබාදිය යුතුවෙනවා.

3. දැන් වම් පස ඇති Open Graph වලට ගොස් පහත ලෙස Developer Account  එක ආරම්භ කරන්න


5. දැන් වැඩේ ඉවරයි. මෙතනින් ඉවත් වෙලා ඔයාලගේ Facebook Account එකට යන්න. එතකොට පෙනෙයි ඉහල කෙලවරේ Get Time Line App කියල තියනවා.


එක ගැන තවදුරටත් දැන ගන්න මෙන්න මේ ලින්ක් එකට යන්න


මූදල් ඉතිරි කරන්නට සරල ක්‍රම 30 ක්- Save money Tips

අද කවුරුත් කියන දෙයක් තමයි කොච්චර හම්බ කලත් වැඩක් නෑ , ඉතුරු වෙන්නේ නෑ කියල. බලන්න කෝ මේ ලිපිය ඔයාලටම තේරෙයි මොනද මෙහෙම වෙන්නේ කියල.මේක අපිට ඉතාම වැදගත් ලිපියක් නිසා මට හිතුනා මගේ මිතුරන්ටත් දැන ගන්න මෙහි කරන්න ඕන කියල.
අනික තව දෙයක් මේ ලිපිය මගේ නිර්මාණයක් නෙමේ. මට මගේ මිතුරෙකුගෙන් ලැබුන email එකක්, අපි හැමෝටම වැදගත් නිසා තමයි දැම්මේ.මේ ලිපියේ නිර්මාණකරු මේකට  අවසර දෙන බව මම දන්නවා.



දිනපතාම භාණ්ඩ මිල ඉහළ යෑමත් සමගම ගෙදර වියදමත් ඉහළ යෑම ස්වභාවිකවම සිදුවන්නකි. එයින් සිදුවන්නේ අපට යම් මූදලක් ඉතිරි කිරීම අසීරු වීමයි. රජයකට බැණ වැදීම හැරෙන්නට වියදම් ඉහළ යෑමේදී අපිට කළ හැකි දෙයක් නොවේ යැයි අපි සිතන්නෙමූ. වියදම් ඉහළ යද්දී ඔබ මෙම සරල ක්‍රම තිහ අනූගමනය කළොත් වියදමට යම් සහනයක් ලැබිය හැකි මූදල් ඉතිරියක් කළ හැකි වේ.

1. උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලු දේ කිරීමය.

2. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.

3. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. "සේල්" යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.

4. මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්‍යනය කරන්න.

5. පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.

6. කඩපිළට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රසකැවිලි සඳහා මූදල් වැය වේ.
7. ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ කරන්න. එවිට අනවශ්‍ය වියදම් මඟ හැරේ. සාප්පූ සවාරි යෑම සීමා කරන්න. සැමවිටම අනවශ්‍ය ලෙසින් මූදල් වැය වන්නේ නිවසින් පිටතට ගිය විටදීය.
8. සැමවිටම රැකියාවක් තෝරා ගනිද්දි වැටූප වැඩිම ස්ථානය තෝරාගන්න.
9. ක්‍රෙඩිටි කාඩ් භාවිතය හැකි තරමින් සීමා කරන්න. ඒ සමගම මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවන්න. හැකිතරමින් ක්‍රෙඩිටි කාඩ්වල මූදල් ගෙවා නිමා කරන්න. නොමැතිනම් ඔබට අනවශ්‍ය ලෙසින් පොලිය ගෙවීමට සිදු වේ.
10. සැමවිටම මූදල් වියදම් කිරීමට පෙර සැලසූමක් සකස් කරගන්න. ඒ තුළින් යම් ප්‍රමාණයක් ඉතිරි කළ හැකි මාර්ග අධ්‍යයනය කරන්න.
11. අවම වශයෙන් මසකට රුපියල් 1000 ක්වත් ඉතිරි කිරීමට සැලසූමක් යොදන්න. ඒ සඳහා උපයෝගි කරගත හැකි මාර්ගය වන්නේ නිතර භාවිත නොකරන ගිණූමක යම් මූදලක් තැන්පත් කිරීමය.
12. මේ සඳහා ඔබ මඳක් දුරින් පිහිටි බැංකුවක අලුත් ගිණූූමක් අරඹා එයින් නිකුත් කරන ්ඔඵ හෝ ක්‍රෙඩිටි කාඩ් මිළදී නොගන්න. එවිට පහසූවෙන් මූදල් ගැනීමට නොහැකි වීමෙන් මූදල් ඉතිරි වේ.

තවද නිශ්චිත දිනයකදී වැටූපෙන් සියයට පහක් හෝ ඉතිරි කිරීමට උත්සාහයක් දරන්න. එම මූදල් නිශ්චිත දිනයකදී බැංකුවට බැර කළ යූතු වීමෙන් එය අනිවාර්යෙන්ම සිදු වේ.
13. වැඩිපූර මූදල් ළඟ තබා නොගන්න. අවශ්‍ය මූදල් පමණක් බැංකුවෙන් ලබා ගන්න.
14. මූදල් යළි ලැබීමට හැකි ආයෝජනයකට මූදල් යොදවන්න. එය සූළු ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වූවද කම් නැත.
15. මිතුරන් හා නෑයින්ගේ සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසඳා නොබලන්න.
16. මූදල් ඇති විටදී මූදල් කළ හැකි යම් යම් සහතික පත් මිළදී ගන්න. එවිට පොලියත් සමගම එය නිශ්චිත කාලයකින් පසූව මූදල් කළ හැකි වේ.
17. ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සැමවිටම කාර්ය බහූල නොවන වේලාවන්හිදි පමණක් නිවසේ දුරකතනය භාවිත කරන්න.
18. තමාගේම මෝටර් රියෙන් හෝ පාසල් වෑන් රථවලින් දරුවන්ව පාසල් යැවීම වෙනූවට ඔවූන් බස් රථ හා දුම්රියෙන් යෑම පූරුදු කර වාර ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්න. එවිට විශාල මූදල් ඉතිිරියකි.
19. පූවත්පත් සඟරා මිළදී ගැනීම සීමා කරන්න. සැමවිටම නිවසේ අය එයින් ප්‍රයෝජනයක් ලබන්නේදෑයි විමසා බැලීම වටී. උදාහරණයක් ලෙසින් ඇතැම් නිවෙස්වලට පූරුද්දක් ලෙසින් ඉරිදා ඉංගී්‍රසි පූවත්පත් මිළදි ගත්තද එය කිසිවෙකු නොකියවයි.

20. යම් යම් මිළදී ගැනීම්වලින් ඔබට ලැබෙන මාරු කාසි වෙනම භාවිතයකට රැස් කරන්න. සෑම මසකට වරක් එම මූදලට තවත් මූදලක් එක් කර එය බැංකුවක තැන්පත් කරන්න. ඒ සඳහා ග්‍රාමීය බැංකුවක් වඩාත් සූදුසූ වේ.

21. කඩපිළට යද්දී බෑගයක් ගෙන යන්න. එවිට අලුතින් බෑග් මිලදී ගැනීමට සිදු නොවේ.

22. ගෘහනියක් ලෙසින් ඔබේ පාවිච්චියට මෝටර් රථයක් මිළදී ගන්නේ නම් ඒ සඳහා ඉන්ධන අඩූවෙන් වැය වන වාහනයක් තෝරාගන්න.

23. වේගයෙන් රිය පැදවීම අනවශ්‍ය ලෙසින් තිරිංග තද කිරීම හා අනවශ්‍ය ගමන්බිමන් වලින් වළකින්න. සැලකිය යූතු මූදලක් ඉන් ඔබට ඉතිරි වේ.
24. මෝටර් රියෙන් යම් ගමනක් යෑමට පෙර එය සැලසූම් කරන්න. ගමන් කළයූතු මාර්ගය එම ගමනේදී ඉටූ කළ හැකි දේ ඒ සඳහා ගත වන කාලය කල්තියා සැලසූම් කිරීමෙන් සියලු කටයූතු මඟ හැරීමකින් තොරව ඉටූ කර ගත හැකි වේ. එමගින් ඉන්ධන සඳහා වැය වන මූදල් ඉතිරි කර ගැනීමට හැකිවේ.
25. මිළ අධික භාණ්ඩයක් මිළදී ගැනීමට පෙර ඒ පිළිබඳව දන්නා අයගෙන් විමසා බලන්න. එවිට ඉතා කදිම වර්ගයක් අඩූ මූදලකට ගැනීමට හැකි වේ.
26. සූබ පැතුම් පත් මිළදී නොගෙන ඒවා නිවසේ සකස් කර ගන්න. දරුවන්ගේ ඇඳුම් සාරි ආදිය ද එසේ සකස් කර ගැනීමෙන් මූදල් ඉතිරිය සේම වැඩි අලංකාරයක්ද ලැබීමට හැකි වේ.
27. විදුලි පරිභෝජනය සීමා කිරීම නිවසකට බොහෝ මූදල් ඉතිරි කර දෙන්නකි. නිවසේ විදුලි පහන් නිවා දෑමීමෙන් එක්වර ඇඳුම් මැදීමෙන් දිනකට එක්වරක් පමණක් ජල ටැංකිය පිරවීමෙන් හොටි ප්ලේටි භාවිත නොකිරීමෙන් ඔබට විදුලිබිල බෙහෙවින්ම අවම කරගත හැකිය. නිබඳවම විදුලි පහන් දල්වන ස්ථානයන්ට කතඛ බල්බ් යොදන්න. එමගින් ඔබට විදුලි බිල 10 ඃ 20 % ප්‍රමාණයකින් ඉතිරි කර ගත හැකිය.
28. නිවසේ සැමට එකවර තේ පිළියෙල කරන්න.
29. නිතරම ඉවසීමෙන් කටයූතු කරන්න. මූදල් වැය කිරීමට පෙර එය අධ්‍යනය කරන්න.
30. ආහාර ද්‍රව්‍ය, මූදල් හැකි තරමින් අවම කිරීමට උත්සාහ කරන්න.

Monday, September 26, 2011

Google Drive ලගදීම




Google අපිට නොමිලේ දෙන සේවාවන් වල අගයනම් කියල නිමා කරන්න බෑ. අනික් Cloud සේවා සපයන සමාගම් මෙන් නොව ඉතා සරල මනා නිමාවකින් යුතු සුවිශේෂී සේවා වල උරුමකරුවෙක් වෙන Google ලගදීම අපිට ලබා දෙන සේවාව තමයි Google Drive.මෙය දැන් ක්‍රියාත්මක වන  Google Docs Cloud සේවාවේ තවත් වැඩි දියුණු කිරීමක් ලෙස දක්වන්න පුලුවන්.මේ සමගම ඉතා සුවිශේෂී පරාසයක් තුල Synchronous  සේවාවක් මෙන්ම ඉතාමත් පුලුල් දත්ත හෝමාරුවකටද ඉඩ සලසයි.
මෙය Online Hard Disk එකක් ලෙස බාවිතා කල හැකිවන අතර දත්ත Cloud එකේ තබා ගැනීම ,ෆොටෝ ,වීඩියෝ මෙන්ම Files Share කිරීමටද පහසුකම් සලසයි.
මෙහි මූලික අදියරක් ලෙස ධාරිතාවක් 1GB නොමිලේ ලබා දෙන අතර අමතර 20GB සදහා වැය වන්නේ අවුරුද්දකට $5 පමණක් වන අතර 50GB සදහා එය $ 10 පමණ වේ.

Thursday, September 15, 2011

වින්ඩොස් 8 Developer Version (pre BETA) එළිදකී


මෙය Pre-beta release එකක් ලෙස නිකුත් කර ඇති අතර Windows 8 සදහා Apps , Programs  නිර්මාණය කිරීමට සහ අත්හදා බැලීමේ Frame Work එකක් ලබා දීම මෙහි අරමුණ වේ.

මෙය 32 bit, 64bit සහ 64 bit developer tools  ලෙස වෙළුම් 3 කින් යුක්තය.

Sunday, September 4, 2011

ඇත්තටම හැක් කලාද නැත්නම් හැක් වුනාද

 පසුගිය දවසක අපිට අසන්න ලැබුනු පුවතකින් දැක්වුනේ  ලංකාවේ  හැකර්ලා කණ්ඩායමක් Symantec, Apple, Facebook, Microsoft වැනි ලොව සුපතල සමාගම් සහ SLT,Dialog,SLIIT ,UCSC ඇතුල සමාගම් සහ ආයතන විශාල ගණනක් හැක් කලා කියන කාරණය.මොවුන් තමන්ව හදුන්වා දෙනු ලබන්නේද Anonymous Srilanka  යන නමිනුයි,මෙමගින් ඔවුන් උත්සාහ කර තිබුනේ තමන්ද ලොව සුපතල යන Anonymous Hackers කණ්ඩායමේ සාමාජිකයින් බව පෙන්වීමටය.


ලංකාවේ  ජනමාධය මගිනුත් මේ සදහා විශාල ප්‍රචාරයක් ලබා දුන්නේ ලංකාව ගැන උදම් අනීමක්ද සමගයි.අන්තර්ජාතිකව මෙයට ප්‍රචාරයක් ලබා දුන්නේ ලොව ජනප්‍රියතම තොරතුරු තාක්ෂණ සමූහයක් වන www.cnet.com ය. 
ඔවුන්ගේ ලිපිය බලන්න මෙතනින් බලන්න.


මොවුන් ප්‍රසිද්ධ කර තිබුනේ අදාල වෙබ් අඩවි වල DNS records පමණකි.ඔවුන් එය මේ පිලිබද කල ප්‍රචාරය මෙතනින් බලන්න.
නමුත් වෙබ් අඩවියක  DNS records ප්‍රසිද්ධ කිරීම හැක් කිරීමක් ලෙස සැලකීමටත් එය මහා මෙහෙයුමක ප්‍රතිපලයක් ලෙස පැවසීමත් කොතරම් අනුවණ ක්‍රියාවක්ද?
උදාහරණක් ලෙස බැන්කුවක් කොල්ලකන්න යන අයෙක් බැන්කුවේ ලිපිනය සොයාගත්තා වැනි වැඩක් මොවුන් සිදු කර ඇත,බැන්කුවක ලිපිනය ඔයා ගන්න සොයා හොරෙකු විය යුතු නැත,එය කාටත් සොයා ගැනීමට අපහසු නැත.එය ප්‍රසිද්ධ කර ඇති තොරතුරකි.
මෙය ඉතා පහසුවෙන් DNS lookup Tools හෝ DNS lookup වෙබ් අඩවි මර්ගයෙන් කරගත හැකිය. 


පහත රූපසටහනේ දැක්වෙන්නේ නම් dnsinfo වෙබ් අඩවිය හරහා ලබාගත් www.dhanushkasline.com වෙබ් අඩවියේ DNS  සහ DNS ZONE Tranfer Record  කිහිපයයි.




මීට අමතරව බොහෝ වෙබ් අඩවි සහ මේ සදහා පවතින අතර මෙය ඉතා ප්‍රාථමික මට්ටමේ හැකින් ක්‍රියාවක් බව කාටත් පැහැදිලි වේ.
ලංකාවේ නමටද කැලලක් ඇති කරමින් ලොවට විහිලුවක් වු මේ ක්‍රියාව සිදු කිරීම සම්බන්දව , වග කිව යුත්තා කවුද? 
මේ පිලිබද මෙරට ප්‍රසිද්ධ ගොසිප් අඩවියක සටහන් වුනේ මෙලසයි. 





Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons