Wednesday, January 14, 2015

මෛත්‍රි ව්‍යවස්ථාව ඇති කරන්න

මෛත්‍රි ව්‍යවස්ථාව ඇති කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ක් අවශ්‍යමය.ඒ සදහා මන්ත්‍රිවරු 150 ක් අවශ්‍යය.එම ගනන මෙම මොහොතේ සන්ධානයෙන් ගත යුතුමය.ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව රට තුළ මැතිවරණ ක්‍රමය වෙනස් වනු ඇත.ඉන්පසු පනින රිලවුන්ට දූෂිතයින්ට එරෙහිව ඔබේ ඡන්දය භාවිතා කර හොද්ද රස වූ පසු ගොරකා ඉවත් කරන්නාක් මෙන් ඔවුන්ව ඉවත් කර දමන්න
මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුව ගෙනියන්න කවර හෝ පක්ෂයකින් හෝ එකතු වලින් හෝ මේ පාර්ලිමේන්තුවේ ආසන 113 ක් අවශ්යය.ව්‍යවස්ථා සංශෝධන සඳහා 150 ක් අවශ්‍යය 
ඒ එක්සිය දහතුන අතර කිරෙන් නැහවු සුවඳ විහිදෙන සමන් පිච්ච මල් දහයකට පහලොවකට වඩා නැත සියයකට ආසන්න පිරිස සොයාගන්න වන්නේ මඩ වලෙ නැටූ ඌරන් අතරින්මය 
ඔබටත් මටත් ලෙහෙසියෙන්ම කතාවෙන් සුපිරිසිදු පුද්ගලයින් බලාපොරොත්තු විය හැකි නමුත් යථාර්තය නම් දැනට පාර්ලිමේන්තුවේ ඉන්නේ එවැනි පුද්ගලයින් නොවේ.එම නිසා දින සියය යථාර්ථය කරගැනීමට ඔලු ගෙඩි සම්පූර්ණ කර ගැනීමට අප අකමැති වුවත් විවිධ පුදගලයින්ට 
තාවකාලිකව හෝ තනතුරු ලබාදීමට සිදුවනු ඇත
එහෙත් අපට මෛත්‍රී හා රනිල් කෙරෙහි දිගුකාලීනව බලාපොරොත්තු රැඳවිය හැකිය .ජාතික හෙල උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයන් ලෙස බලාපොරොත්තු තබා ගත හැකිය.
මේ පිරිස එක මතයක රැඳි සිටින තාක් කල් සෙසු කවුරුන් එකතු වූවත් තනතුරු ගත්තත් එයින් මෛත්‍රීපාලනයට බලපෑමක් කල නොහැකිය..

Monday, January 6, 2014

මෙත්තානිසංස සූත්‍රය


මෙත්තානිසංස සූත්‍රය

තෙරුවන් සරණයි යාලුවනේ. අදත් ඔයාලට ඉතාම වැදගත්වන සූත්‍ර දේශනාවක් තමයි මම ඉදිරිපත් කරන්න යන්නෙ. ඊට කලින් සදහන් කරන්න ඕනි මේ ගොඩක් ලිපි මම යම් යම් තැන්වලින් උපුටාගෙන තමයි නිරමාණය කරන්නෙ. මගෙ ලිපියට සුදුසු කොටස් එ‍හෙමම ගන්න වෙලාවලුත් තියෙනව. මට සුවිශාල දැනුම් සම්භාරයක් තියෙනව කියල හිතන්න එපා. ඒක මට පවක් වෙන්න පුලුවන්. අනිත් කාරණේ මේ ලිපි බලල මට සහයෝගය දක්වන ඔබට විශේෂයෙන් ස්තුති වන්ත වෙන්න ඕනි. ඔබ මේ ලිපි බලන නිසයි මම මේව පල කරන්නෙ. ඒවගේම ලිපි බලල මට දෙමාලියො වගේ ආදරය කරන අයත් ඉන්නව. ඔයාලටත් ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. 
හොදයි මෙත්තානිසංස සූත්‍රය සූත්‍ර දේශනාව මම ප්‍රායෝගිකව අත්විදපු සූත්‍ර දේශනාවක්. මෙහි සදහන්වන සියල්ලක්ම නොවුනත් කොටසක් හරි මට හොදින්ම දැනිල තියෙනව. ඒ නිසා මේ මෙත්තානිසංස සූත්‍රය හා කරණීය මෙත්ත සූත්‍රය කියන සූත්‍ර දෙකෙහිම සත්‍යතාවය පෙන්නන්න මට වෙන කිසිම සාක්ෂියක් ඕනි නෑ. මම සහතික කරල කියනව මේ සූත්‍ර දෙක ඔබේ ජීවිතේ ප්‍රායෝගික විදිහට යොදාගන්න පුලුවන් හැබැයි අවංක ශ්‍රද්ධාවෙන් යුක්තව කරනවනම්. සමහර කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට නොහැකි උවත් යම් යම් සුවිශේෂ හැකියාවන් ඇතිවීම, අනතුරු වලින් ආරක්ෂා වීම, ලෙඩදුක්වලින් මිදීම, මිනිසුන් ආකර්ෂණය වගේ දේවල් මම ඉතාම පැහැදිලිව අත්විදල තියෙනව. හැබැයි මේ කාලෙ අධික වැඩ කටයුතු නිසා භාවනා කටයුතු සිදුකරන්නෙ නැති නිසා මේව ගැන අහන්න එපා. අනික් කාරණය මේ දේවල් කිව්වෙ ඔයාල තුල මේ කටයුත්තට උනන්දුව ඇතිකිරීමට මිස පුද්ගලික වාසි තකා නෙවෙයි කියලත් මතක තියාගන්න. තවත් එකක්. ඔබ භාවනා කළයුත්තේ අර මම සදහන් කරපු ආශ්චර්යයන් බලාගෙනත් නෙවෙයි. යාලුවනේ කරණීයමෙත්ත සූත්රය ගැන මම කලින් ලිපිටක් පලකල නිසා ඒ ගැන තවදුරටත් කියන්න යන්නෙ නෑ. මෙන්න මේ ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් ඔයාලට ඒ ලිපිය බලන්න පුලුවන්. 
http://www.facebook.com/photo.php?fbid=465191220197423&set=pb.100001196487578.-2207520000.1351683390&type=3&src=http%3A%2F%2Fsphotos-f.ak.fbcdn.net%2Fhphotos-ak-ash4%2F415619_465191220197423_221180853_o.jpg&smallsrc=http%3A%2F%2Fsphotos-f.ak.fbcdn.net%2Fhphotos-ak-ash3%2F560722_465191220197423_221180853_n.jpg&size=1050%2C650

ඉතින් කරණීමෙත්ත සූත්‍රය මෛත්‍රී කරන ආකාරය සදහන් වෙන අතර මෙත්තානිසංස සූත්‍රය මෛත්‍රීයේ ආදීනව හා ආනිසංස කියවෙන සූත්‍රයක්. හොදයි අපි මුල ඉදන්ම පටන් ගමු. 

මෙත්සිත මනාව දිගු කාලයක් ප්‍රගුණ කිරීමේදී සිතට දැනෙන සැහැල්ලුව සහනය වචනයෙන් කියා නිම කරන්න බැහැ. එහි මහ පුදුම බලයක් ශක්තියක් තිබෙනවා. කිසිවෙකුට මැඩ පවත්වන්න නොහැකි යටපත් කරන්නට නොහැකි උසස් ආරක්ෂාවක් රැකවරණයක් එයින් ලැබෙනවා. මහා බලගතු ආරක්ෂාවක්. තමා වටා ගොඩ නැගෙනවා. දෙවියන් සහිත ලෝකයාගේ ගෞරවයට පත්වෙනවා. ඔවුන්ගෙන් වැදුම් පිදුම් හිමිවෙනවා. යක්ෂ භූතාදීන්ගෙන් කිසිදු විපතක් හානියක් කරදරයක් කිසිම අයුරකින් සිදුවන්නේ නැහැ. ඔවුන්ගෙන් ගෞරවය, රැකවරණය පමණක් නොව ආරක්ෂාවත් හිමිවෙනවා. උදව් උපකාරත් හිමිවෙනවා. යහලුවනේ මේ ‍තේසිත කියන දේ අපිට මොනතරම් වැදගත්ද? මට හිතෙන්නෙ මේ මෙත්සිත මත තමයි මුලු විශ්වයම රදා පවතින්නෙ කියල. දැන් බලන්නකො අපි එකිනෙකාට මෙත් සිත තියෙනවනම් අපි අනිකා කෙරෙහි දයාව ආදරය වගේ දේවල් ඇතිවෙනව නේද? බලන්නකෝ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නෙ මිනිසා කෙරේ මෙත් සිත පතුරවන ආයතනයක්. ඒ ආයතනය නැතිනම් අද කීදෙනෙක් මාරයට බිලිවෙලා ඇත්ද? යුනිසෙෆ්, ලෝක ආහාර වැඩ සටහන ආදී මේ සියල්ල අනිකා කෙරේ පවත්න මෙත් සිත නොවේද? අනිකා කෙරෙහි ද්වේෂයක් ඇති කරගත්තොත් තත්වය කෙපදු වේද? අද ලෝකය පුරා මිසයිල කීයක් නම් ක්ෂණිකව ක්‍රියාත්මක කරන්න පුලුවන් විදිහට පවතිනවද? බැරිවෙලාවත් සිතේ ද්වේශය ඇති උනොත් මේව ක්‍රියාත්මක කරනව. මුලු ලෝකයම විනාශයි. ඉතින් තවකෙකු කෙරේ දයාව අනුකම්පාව දැක්වීම මොනතරම් නම් උතුම් ක්‍රියාවක්ද? පින්වත් යුලවනේ බුදුබව කියන්නෙත් මෙත් සිතේ ප්‍රතිමූර්තියක්. බුදුවරයෙකුට කියන තවත් නමක් ලෙස මෛත්‍රිය හදුන්වන්න පුලුවන්. ඇයි? සකළ ලෝකය කෙරේ පතල මහා කරුණාවෙන් තමයි යමෙක් බුදුබව පතන්නෙ. බුදුවෙලා කරන්නෙත් අසරණ මිනිසුන් කෙරේ මෙත් සිත පතුරවල මේ ඝෝර කටුක සංසාරෙන් මිනිසා ඇතුලු සකල සත්වයන් එතෙර කරන්න උත්සාහ කිරීමයි.

මෙම මෙත්තානිසංස සූත්‍රය අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයට ඇතුළත් සූත්‍රයක්. මෙය පසු කළෙක මහා පිරුවානා පොත් වහන්සේ නම් වූ මහ පිරිත් පොතටද ඇතුළත් කර තියෙනව.

මෙහි දැක් වූ මෛත්‍රීය අර්පණා (ධ්‍යාන) බවට පැමිණි මෛත්‍රියයි. එබඳු මෛතී‍්‍ර චිත්ත විමුක්තියෙන් යුක්ත පුද්ගලයාට අනුසස් එකොළොසක් ලැබෙනව. මෙහි ඇතුළත් අනුසස් එකොළොසින් දහයක් මෙලොවදී ද එකොළොස වන ආනිසංසය පරලොවදී ද ලැබෙන බව දත යුතුය. ඉතින් ඔය බුදු දහම පරලොවට පමණයි කියන තර්කය බිද දමන්න මෙ හොද අවසථාවක්.

යම් කිසි අයුරකින් එම මෛත්‍රීය පාදක කර ගෙන අර්හත් ඵලය ඉපද වූයේ නම් එකොළොස්වන ආනිසංසය වශයෙන් නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පානාව.

එසේ නොවී අනාගාමී වුවහොත් අවිහ – අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨක යන පංච ශුද්ධාවාසයන් අතුරෙන් එක්තරා බ්‍රහ්ම ලෝකයක ඉපදීම එකොළොස් වන ආනිසංසය වශයෙන් සැලකිය යුතුය.

මෛත්‍රී චිත්ත විමුක්තිය පාදක කරගෙන සෝතාපන්න හෝ සකදාගාමී වී නම් තමන් ලත් ධ්‍යානයේ හැටියට බ්‍රහ්ම ලෝකයෙහි උපදනේය. 11 වන ආනිසංස වශයෙන් එම මෛත්‍රිය පාදක කොට ගෙන අර්හත් ඵලයට පැමිණ අනුපාදි ශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පෑම හෝ අනාගාමීව ශුද්ධා වාස බ්‍ර‍්‍රහ්ම ලෝකයන්හි ඉපදීම හෝ කළ හැක.

මෙසේ අර්පනා බවට නොපැමිණි මෛත්‍රිය පාදක කොට ගෙන සෝතාපන්න හෝ සකදාගාමී වූයේ නම් බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීමක් කළ නොහැකි බැවින් දෙව්ලොව උපදී. එසේම මෛත්‍රී චිත්තයෙන් යුත් තැනැත්තේ පෘථග්ජනව විසූයේ නම් සුවසේ සැතපීම යන දස ආනිසංසයම මෙලොවදී ලබා මරණින් මත්තෙහි “සුගතිංසග්ගං ලෝකං උප්පජ්ජිති ”යි දැක්වූ හෙයින් යහපත් පැවතුම් ඇති සුගතියෙහිම ඉපද ආනිසංස එකොළොසම ලබයි.

ඒ නිසා මෛත්‍රී චිත්තය භාවිත කිරීම මහානුභාව සම්පන්න දිව්‍යමය මන්ත්‍රයක් හා සමාන බැව් දත යුතුය.

මෛත්‍රියෙහි ආනිශංස නොමඳව ලැබීමට නම් කෙසේ මෙත් වැඩිය යුතුද යන්න මෙහි පැහැදිලිව දක්වා ඇත. එනම් ආසේවිතාය, භාවිතාය, බහුලීකතාය, යානිකතාය, වත්ථුකතාය, අනුට්ඨිතාය,පරිචිතාය, සුසමාරද්ධාය වශයෙනි. ආදරයෙන් ආශ්‍රය කරමින් නැවත නැවත වඩමින්, යානාවක් සේ ගෙන, වස්තුවක් සේ රැකබලා ගනිමින්, එළැඹ සිටි සිහියෙන් යුතුව, මනාව ආරම්භ කර පුරුදු කරන ලදුව, තම දෛනික අවශ්‍යතාවක් ලෙස සලකමින් මෙත් වැඩීම සිදුකළ යුතුය.
මේ බව කරණීය මෙත්ත සූත්‍රය තුල මෙසේ දක්වා ඇත.

‘’මාතා යථා නියං පුත්තං 
ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ
ඒතංපි සබ්බ භූතේසු 
මානසං භවයේ අපරිමානං’’

උතුම් මව් පදවිය උසුලන, ආදරය, කරුණාව, මෛත්‍රියෙන් පිරිපුන් උසස් දරු සෙනෙහසක් ඇති මවක් යම්සේ සිය දිවි දෙවෙනි කොට තම එකම පුතු ආරක්ෂා කරන්නී ද එමෙන් සියලු ලෝක සත්ත්වයා වෙත අපරිමිත මෙත්සිත පැතිරවිය යුතුය. එය බුද්ධ චරිතයේ ආදර්ශයකි. අපේ බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රි බලය, ශක්තිය අපරිමිතයි. මෙතෙකැයි කියා ප්‍රමාණ කළ නොහැකිමය. දරුණු සොරුන්, රෞද්‍ර යක්ෂ, නාග භූ®තාදීන් පහසුවෙන් දමනය කිරීමටත් තම වසඟයට ගැනීමටත් හැකියාව ලැබුණේ අපරිමිත මෛත්‍රී චිත්ත බලය නිසයි. දුටුවන් බියෙන් සැඟවී පලායන තරම් භයානක වූ නාලාගිරි ආදි තිරිසන් සතුන් පවා අහිංසක සැදැහැති දරුවන් සේ සිරිපා මුල දනින් වැඳ වැටෙන පමණට සංවර කිරීමට, දමනය කිරීමට හැකිවූයේ ඒ උතුම් මෛත්‍රි බල ශක්තියෙනි. ජීවිත කාලය පුරාම ද්වේශයෙන් ක්‍රෝධයෙන්, වෛරයෙන් අනේක විධ තර්ජන, ගර්ජන, වදහිංසා පැමිණවීමට උත්සාහ කළ දේවදත්තට කිසිදු වෙනසකින් තොරව මෙත්සිතම වැඩූහ. ගිහිකළ තමනට දාව උපන් රාහුල කුමරුට වැඩි මෛත්‍රියක්, කරුණාවක් නොපැවැත් වූහ. සියල්ලටම සම සිතින් මෙත්සිත වැඩුවා. මහා කාරුණික තථාගතයන් වහන්සේ ගේ මේ උතුම් ආදර්ශයම ගුරුතන්හි තබා සියලු සතුනට සම මෙත් සිතම පැතිරවීමට හැකි හැම උත්සාහයක්ම ගත යුතුයි.

‘තිට්ඨං චරං නිසින්නෝවා
සයා නෝ වා යාව තස්ස විගත මිද්ධෝ’

සිටගෙන සිටියත් ගමනේ යෙදුණත් සක්මන් කරන මොහොතෙත් අසුන්ගෙන සිටියත්, සයනය කරන අවස්ථාවේදීත් අපිරිමිත මෙත් සිත පතුරවන්න හැකියාව තියෙනවා. එපමණක් නොව නින්දට ගොස් නින්ද එනතුරුත් මෙත් සිත වඩන්න හැකි බව පෙන්වා දී තිබෙනවා. මෙයින් අපට පැහැදිලි වන්නේ සෑම ඉරියව්වක සිටම මේ භාවනා ක්‍රමය වඩන්න හැකි බවයි. මේ සඳහා නිශ්චිත වෙන් වූ ඉරියව්වක් නැත. සන්සුන් පරිසරයක හැකි පමණ කාලයක් එකම ඉරියව්වක සිට මේ කමටහන වැඩීමෙන් මෛත්‍රී ධ්‍යාන උපදවන්න හැකි වෙනවා. මෛත්‍රී කමටහන හොඳින් ප්‍රගුණ කර ධ්‍යාන වඩා සෙසු භාවනා කමටහන් ප්‍රගුණ කිරීමටත් විදර්ශනා භාවනා ක්‍රම දියුණු කිරීමටත් පහසු වෙන

1. මෛත්‍රී චිත්තය

මෙජ්ජතීති - මෙත්තා සිතේ පවත්නා මෘදු බව සිනිඳු බව මෛත්‍රියයි. මිත්තේ භවා මිත්තස්ස ඒසා පවත්තීතිපි - මෙත්තා මිතුරා කෙරෙහි වූයේ හෝ මිතුරාගේ පැවැත්මය යන තේරුමට හෝ මෛත්‍රිය යයි කියනු ලැබේ. හිතේසිකා සබ්බ සත්තේසු හිත එරණතා - මෙත්තා සියලු සත්වයන් කෙරෙහි හිතෛශී භාවය හිත පැතිරවීම් ස්වභාවය මෛත්‍රීයයි.

සබ්බ සත්තේසු හිතාකාරප්පවත්ති ලක්ඛණා මෙත්තා සියලු සත්ත්වයන් කෙරෙහි හිත ආකාරයෙන් පැවැත්ම මෛත්‍රියයේ ලක්ෂණයයි. කෝපය සංසිඳවීම මෙයින් ලැබෙන සම්පත්තියයි.

එබඳු මෛත්‍රීයයෙන් යුත් සිත මෛත්‍රී චිත්තයයි දත යුතුය. මෙබඳු මෛත්‍රීයෙන් යුත් තැනැත්තේ,

1. සුවසේ නිදයි. - පිංවත් යාලුව‍ෙන් අද සමහරුන්ට නින්ද කියන්නෙ ලොකු ගැටලුවක්. සමහරු මත්පැන්බොනව සුව නින්දක් ලබාගන්න. තව සමහරු නිදිපෙති අහුරු ගණන් ගිලිනව. ඒත් මෙත් සිත වඩන කෙනා ඉතා සුව නින්දක් බලනව. මොකක්ද මේකට හේතුව. සුව නින්දක් නොලැබෙන්නෙ සිත කලහකාරී නිසා. කරදර වලින් පිරිල නිසා. ඒත් මෙත්සිත වඩන්නන්ට සිතේ ප්‍රභාෂ්වරය නිසා ඔය කිසිම ගැටලුවක් නැහැ. කරදරත් නෑ. තිබුනත් ඒව ආශ්චර්යමත් විදිහට විසදිල යනව. අපට දැනෙන දුක් කරදර වාඩිහරියකට හේතුව අපේම හිතමයි. ඒ ගැන වෙනම වෙලාවක කියන්නම්. 
2. සුවසේ අවදිවෙයි - මොකද සිත නිදහස් නිසා ඉතාම සුවෙන් අවදිවෙන්න පුලුවන්. අනික වෙලාවට ඇහැරෙනව. ඕව මහ ආශ්චර්යමත් දේවල්. කරලම බලන්නකෝ.

3. නපුරු සිහින නොදකියි. මම කලින් කිව්වෙ ඔයාලට. හිතේ තියෙන ප්‍රභාෂ්වරය නිසා මෙත් සිත් ඇත්තාට පේන්නෙ හරිම සුන්දර හීන. මල්වත්තක්, දියකඩිත්තක් දැක්කට හිතේ සතුටක් මිස බයක් නෑනෙ නේද? එහෙම නැතනම් කිසිම හීනයක් දකින්නෙ නෑ.


4. මිනිසුන්ට පි‍්‍රය වෙයි. - මොකද හේතුව. අද විද්‍යාව පවා තහවුරු කරනව මිනිස් සිරුරෙන් රශ්මි දහරක් පිටවෙනව කියල. දැන් යමක් ඔයාලට මතක් වෙන්න ඕනි. මොකක්ද? දේවාතිදේව, බ්‍රහ්මාති බූහ්ම ලොව්තුරු සර්වඥයන් වහන්සේගේ බුදුරැස් වලල්ල පිළිබදව. ඒ මෙත්සිතේ පරම උත්තම අවස්ථාව බව කියන්න ඕනි. ඉතින් ඔයාලත්මෙක් භාවනාව කරද්දි ඇසට නෙපෙනෙන රන්වන් රශ්මිධාරාවක් සිරුරින් පිටවෙනව. ඒ‍ෙක ප්‍රභාෂ්වගෙතිය නිසා දකින අයට ඔයාලව පි‍්‍රය වෙනව. හැබැයි මස්මාලු ගිලින්න දගලන අයට කියන්න තියෙන්නෙ කරල බලන්න හරියයිද කියල විතරයි. 

5. අමනුෂ්‍යයන්ට පි‍්‍රය වෙයි. මේකට හේතුව තමයි යාලුවනේ මෙත් සිත් ඇත්තා නිතර යහපත් විදිහට සිතන්නෙ. ඔය කුණු මස්මාලු ගිලල බඩ සවුත්තුකරගත්තු ඇවිදින සොහොන්ගෙවල් පස්සෙ තමයි යක්කු පෙරේතයො එන්නෙ. දක්කනෙ මම දාපු ලිපිවල තිබුන කුණු මස්වල හැටි. ඉතින් මිනිස්සු පස්සෙ යක්කු එන්නෙ ආදරේකට නෙවෙයි. හැබැයි මෙත්සිත් ඇති පිරිසිදු අයට අමුනුෂ්‍යයන්ගෙන් කිසි කරදරයක් නෑ. මොකද එයාලට මෙයාගෙන් ගන්න දෙයක් නෑ. තමන්ගෙ පාඩුවෙ ජීවත්වෙන අයට කවුරැත් කැමති. අනික ගන්න දෙයක් නැතිනම් පස්සෙන් එන්නෙ මොකටද?

6. දෙවියෝ රකිති. සක්ක සංයුක්තයේදි සක්දෙවිඳු මිනිසුන්ට වන්දනා කරන්නේ ඔවුන්ගේ යහපැවැත්ම නිසාවෙනි. එහෙයින් දෙවියන්ගේ ආශිර්වාද ලබාගැනීමට පුද පඬුරු පුදා යාඥා කළ යුතු නොවේ. මෛත්‍රි සහගත කාය, වචී, මනෝ කර්ම තුළින් එය සිදු කරගත හැකිය. ගහට්ඨවන්දනා සූත්‍රයේදි ඒ බව මෙසේ දක්වා ඇත.

යේගහට්ඨා පුඤ්ඤකරා 
සීලවන්තෝ උපාසකා
ධම්මේන ධාරං පෝසෙන්ති 
තේ නමස්සාමි මාතලී

යාලුවනේ යම් කිසි ගෘහපතියෙක් පින්කම් කරයිනම්, සිල්වත්නම්, ධාර්මිකව අඹුදරුවන් පෝෂණය කරයිනම් මම ඔහුට නමස්කාර කරනව කියල සක් දෙවියො මාතලීට කීව. ඉතින් දෙවියන්ගෙන් නමස්කාර කරන අයට දඩබ්බර යකෙක්වත් අනතුරක් කරන්නෙ නෑනෙ.

7. ගිනි – විෂ – ආයුධ හෝ ඔහුගේ කයට නොපිවිසෙයි. මෙය ඉතාම වැදගත්. උදේන රජතුමා මාගන්ධියා බිසවගෙ බොරු බසට රැවටිල නේද සාමාවතිය ඇතුලු පන්සියයක් මරන්න දඊතලයක් විද්දෙ. මොකද උනේ. ඊතලයට වෙච්ච දේ බලන්නකො. ආපහු රජතුමා පස්සෙ ආව. මෙන්න මෙත් බලය. සිරිමා ගනිකාව උත්තරා උපාසිකාවට නේද උණු තෙල් හැලුවෙ. පිච්චුනේ නෑ මෙත් සිත නිසා. පුචි හාමුදුරුකෙනෙක් භාවනා කරද්දි මනුස්සයෙක් කඩු පහරක් ගහල. කඩුව දෙකට නැමුනලු. වැඩිය ඕනි නෑ. ඔයාල දන්නවනෙ මේ ලගදි මම ඉන්න තැනට අකුණක් ගහල බේරුණ හැටි. බල්බ් බිදිල වැටුනත පරිගණකයටවත් මටවත් අබමල් රේණුවක හානියක් නෑ. ඕව ඉතින් දන්නෙ භාවනා කරන අයම තමයි. ඔයාලත් උත්සාහ කරන්න.

8. වහා සිත එකඟ වෙයි. භාවනාවට ඉදගත්තද හිත විහිරෙන්නෙ නෑ. ඒ ගැන මම කලින් කියල තියෙනව. සිතේ තියෙන පිරිසිදුකම තමයි ඒ.

9. මුහුණේ පැහැය බබළයි. මම කලින් කිව්ව රශ්මි දහරාව මතකයිනෙ.

10. නුමුළාව කළුරිය කරයි. මේකත් හිතාගන්න පුලුවන්නේ. හිතේ පිරිසිදු කමම තමයි. 

11. මරණින් මතු සුගතියෙහි උපදියි. ආයි දෙකක් නෑ. යහපත් තැනක්ම තමයි.

2. මෛත්‍රී චිත්ත විමුක්තිය

මෛත්‍රීයෙන් යුත් සිත පංච නීවරණා දී සතුරන්ගෙන් විශේෂයෙන් මිදේද එහෙයින් චිත්ත විමුක්තිය යයි කියනු ලැබේ. ධ්‍යාන බවට පැමිණි මෛත්‍රීයට මෙය නමෙකි. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අතුරෙන් මෛත්‍රීය දක්වන තන්හි මෙත්තා යි කී කල්හි සමහර තැනෙක ධ්‍යාන තත්ත්වයට පැමිණි මෛත්‍රියටද සමහර තැනෙක ධ්‍යාන පුර්භාග මෛත්‍රීයද ගැනේ. මෙත්තා චේතෝ විමුක්ති යි කිවහොත් ධ්‍යාන බවට පැමිණි මෛත්‍රියම ගැනේ.

මෙත්තා - කරුණා - මුදිතා යන ත්‍රිවිධ වූ බ්‍රහ්ම විහාර භාවනාවෙන් ලැබිය හැක්කේ ප්‍රථම ද්විතීය තෘතීය යන ධ්‍යානයෝය. එබැවින් ඒ ඒ ධ්‍යානයකින් නීවරණයන් ගෙන් හොඳ හැටි මිදුණු සිත මෛත්‍රී චිත්ත විමුක්තිය ලෙස දත යුතුය.

3. මෛත්‍රීය වැඩිය යුත්තේ කෙසේද?

ත්‍රිහේතුක ප්‍රතිසන්ධික යෝගාවචරයා විසින් පිරිසිදු පංචශීලයෙහි හෝ පිහිටා පළිබෝධයන් දුර හැර සුදුසු විවේක ස්ථානයක සුව අසුනෙක හිඳ පළමු කොට ද්වේශයෙහි ආදීනව හා ක්ෂාන්තියෙහි අනුසස් හැකිතාක් දුරට මෙනෙහි කළ යුතුයි. කුමක් හෙයින්ද මෙම භාවනාවෙන් ද්වේෂය දුරු කළ යුතුයි. ක්ෂාන්තිය ලැබ ගත යුතුයි. ආදීනව හා නොදැක්ක දෙය දුරු කරන්නටද ආනිසංස නොදැක්ක දෙය ලබන්නටද නොහැකි බැවිනි ආදීනව මෙසේ මෙනෙහි කළ යුතුය.


කුද්ධෝ අත්ථං නජානාති – කුද්ධෝ ධම්මං නපස්සති

කිපි තැනැත්තා කළ යුත්ත නොදනී. කිපි තැනැත්තා ධර්මය නොදනී.

යමෙක් නිරපරාධී තැනැත්තකුට කිපුණත් උඩු සුළඟට දැමූ ධූලී තම මුහුණටම එන්නාක් මෙන් තමාටම විපත් පැමිණේ.

යමෙක් දඬුවම් නොකළ යුතු කෙනෙකුට දඬුවම් කෙරේද ද්වේශ නොකළ යුත්තෙකුට කිපේද ඔහු දස විධ අන්තරායයන්ගෙන් එක්තරා අන්තරායකට පැමිණේ.

දස විධ අන්තරාය නම්:

1. දරුණු වේදනාවක් විඳින්නට සිදුවෙයි.

2. බලවත් ධන හානියක් සිදුවෙයි.

3. අතපය ආදී අවයව බිඳෙත්.

4. දරුණු ලෙඩක් සැදෙයි.

5. උමතු වෙයි.

6. රාජ උදහසක් ඇති වෙයි.

7. බලවත් චෝදනාවක් අසන්නට සිදුවෙයි.

8. කිට්ටුවර නෑයන්ගේ පිරිහීමක් සිදුවෙයි.

9. වී ගොවිතැන් ආදී භෝගයන්ගේ පිරිහීමක් ඇති වෙයි.

10. ඔහුගේ ගෙය ගිනි ගනී.

මෙකී අන්තරාය දහයෙන් එකකට හෝ කීපයකට මෙලොවදීම මුහුණ පා වැඩි කල් ජීවත් නොවී මරණයටද පැමිණ මරණින් මතු අපායටද පැමිණෙන්නේ ය.

මේ ගැනද සිතන්න.

1. කිපෙන තැනැත්තාට ළඟම ඇත්තෙ පෝරකය හෝ නිරයයි. දන්නවනෙ ඔයාල සමාජෙ ගරන
2. මිනී මැරුවෝ වැඩි දෙනෙක්ම කිපෙන තැනැත්තෝය. කවුරුත් හිනාවෙලා මිනී මරන්නෙ නෑනෙ.
3. කිපීම නීචයන්ගේ ක්‍රියාවකි.

4. නොකිපෙනු, කිපුනත් වචනයක් නොකියනු. කිසිවක් නොකරනු. ලියුමක් පවා නො ලියනු. ලියුවත් තැපැල් නොකරනු. ඔයාල අහල ඇතිනෙ තරහ ගියාම දහයට ගනින්න කියල. ඒවගේ මේකත්. එක් අවස්ථාවක ධම්මපදයෙ තියෙනව යමෙක් නිරපරාදෙ උතුමෙකුට පහරදෙනවනම් ඔහුට සාපවේවා. ඒ පහර දෙන තැනැත්තා කෙරේ කිපෙන උතුමාට ඊට වඩා සාප වේවා කියල. කොහොමද වැඩේ.

5. කිපෙන තැනැත්තා දෝතින් ගිනි අඟුරු ගෙන අනුනට ගසන්නෙක්.

6. කිපෙන තැනැත්තා ඉක්මණින්ම දුගී භාවයට පැමිණේ. මෙසේ කෝපයේ ආදීනව ගැන සිතන්න.

ඉවසීමේ අගය

ඛන්ත්‍යා භීයෝ නවිජ්ජන්ති

ක්ෂාන්තියට වඩා උතුªම් ගුණයක් විද්‍යාමාන නොවේ.

ඛන්තී පරමං තපෝ තිතික්ඛා

ඉවසීම සහිත ක්ෂාන්තියයි උතුම් තපෝ ගුණයයි.

වසන දනා රුපු යුදයට ජය කොඩිය ඉවසීමෙන් සැනසීම ලැබේ.

මේ ආදී ක්‍රමයෙන් ඉවසීමේ වැදගත්කම සැලකිය යුතුයි. මෙසේත් සලකා ඉවසිය නොහැකි නම් උතුමන්ගේ චරිත මෙනෙහි කළ යුතුය.

4. මෙත් වැඩිය යුත්තේ කාටද? - මෙත් නොවැඩිය යුත්තේ කාටද?

ඉවසීමේ අගයද ක්‍රෝධ කිරීමේ ආදීනවද සලකා විවේක ස්ථානයක හිඳ තමා සැපයට කැමති බැවින් සාක්ෂි ස්ථානයෙහි ලා සලකනු පිණිස මම සැප ඇත්තෙක් වෙමි. මම සැප ඇත්තෙක් වෙමි යි. බොහෝ කලක් සලකා අනතුරුව හිතවතාට ද ඉන්පසු මධ්‍යස්ථයාටද පසුව සතුරාටද මෙත් වැඩිය යුතුය.

හිතවතාට මෙත් වැඩීමේදී ලිංග විසභාගත්වය විශේෂයෙන් සැලකිය යුතුය. පිරිමියෙක් ස්ත්‍රියකටද ස්ත්‍රියක් පිරිමියෙකුටද පෞද්ගලික වශයෙන් මෙත් වැඩිය යුතු නොවේ. එසේ කිරීමේදී රාගය මෛත්‍රිය මෙන් වෙස් වලා ගෙන පැමිණ ඒ යෝගාවචරයා මැඩලයි. රාගය මෛත්‍රියට ළඟම සිටින සතුරාය.

ව්‍යාපාදය ඈත සිටින සතුරාය. ඒ නිසා රාගය ආලය පේ‍්‍රමය කියන තත්ත්වයට නොවැටී හිතවත්කම, යහපතක් වීමේ කැමැත්ත යන අදහස්වලට සමාන වන පරිදි රාගයෙන් මෛත්‍රිය පරිස්සම් කරගත යුතුය.


ගල් මුල් ආදියක ගැටීමෙන් හෝ පය පැකිලීමෙන් හෝ හදිසි යමක් කිරීමට කීපවරක්ම වෑයම් කර නොහැකිවීම් ආදියෙන් හෝ මෝඩකම වැඩි තරමට බලවත්වද නිතර නිතරම උපදිනා අස්ථාන කෝපයත් සමඟ දස ආකාරයකට මෛත්‍රීයට ඉඳුරාම සතුරු වූ මේ ව්‍යාපාද උපදී. මෙසේ දස ආකාරයකින් සිතේ උපදිනා තරහවක් වේද නැවත නැවත ගැටීමක් වේද විරෝධයක් වේද ප්‍රතිවිරෝධයක් වේද කිපීමෙන් නැවත නැවත කිපීමෙන් ද්වේෂයක් සිතේ විකෘතියක් සැඩ ගතියක් නොසතුටු ගතියක් ඇත්නම් එය ව්‍යාපාද නීවරණ යයි කියනු ලැබේ කියල සදහන් වෙනව. නිතර හොද වචනයක් පුරුදු කරන්න. නමෝ බුද්ධා වගේ වචනයක් කියවෙනවනම් හදිස්සියකදි මොන තරම් පිනක්ද?


පිළුණු බතක් සියලු දෙනාගේම පිළිකුලට භාජනය වන්නාක් මෙන් කිපෙන පුද්ගලයා සියලු දෙනාගේම පිළිකුලට භාජනය වේ. එසේම යහළුවෙකුගේ වේශයෙන් වෙස්වලා පැමිණෙන සතුරකුමෙන් රාගයද මෛත්‍රියෙහි ස්වරූපයෙන් පැමිණ මෛත්‍රිය වනසයි. එනිසා වෛරය මෛත්‍රියට දුර සිටින සතුරා වශයෙන්ද රාගය ළඟම සිටින සතුරා වශයෙන් ද සැලකිය යුතුය.

ඔබට යම් කිසි වේලාවක කිසිවක් හෝ කිසිවක් ගැන දොම්නසක් අසතුටක් තරහක් පළිගැනීමේ චේතනාවක් වෛරයක් බද්ධ වෛරයක් නැතිනම් ඒ වේලාවට ඔබ තුළ ව්‍යාපාදය නැත. එසේම ඇල්මක් ආශාවක් පේ‍්‍රමයක් ආලයක් තෘෂ්ණාවක් නැතිව හිතවත් කමක් යහපතක් වීමේ කැමැත්තක් නගාසිටුවමි. උසස් කරවමි. යන චේතනාවක් නම් පවතින්නේ ඒ වේලාවේ ඔබ තුළ රාගයද නැත. පවතින්නේ මෛත්‍රියයි.


මෛත්‍රී භාවනාව මහා බලගතු ආනිසංස ඇති කමටහනක්. සියලු පින්කම්වලට වඩා අතිශයින් උසස්, ප්‍රබල අනුසස් ලබාදෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරා තිබේ. කෙනෙක් ජීවිතය පුරාම සිදුකරන සියලු පින්කම් වලට වඩා ඔහු එක මොහොතක් මෛත්‍රී සිත වැඩීමෙන් ලබන පින්කම උසස් වනවා. මංපෙත් සැකසීම, ගිලන් උවටැන, පරෝපකාරය, දන්දීම, පින්දීම් සඟසතු මහා දන්දීම් චීවර පූජා ආදී අනේක විධ පින්කම් සියල්ලම ආකාශයක තිබෙන තරු ගණට සමාන කර දක්වන්න හැකිවේ. මෙලෙස ආකාශයේ තිබෙන තරු එකට එක්ව එක් රාත්‍රියක බබලන්නට වුවහොත් අහස හරිම ලස්සන පි‍්‍රයකරු දර්ශනයක් වෙයි. එහෙත් අපට ආලෝකයක් දෙන්න තරම් ශක්තියක් ඒ තරුවලට නැහැ. එහෙත් අහසේ ඇති එකම සඳ බබලන විට අහසත් අලංකාර වෙනවා සේම අපටත් ප්‍රබල ආලෝකයක් දෙනවා. හිරු ඒ සියල්ලම ඉක්මවා අපට ආලෝකය දෙනවා. මෛත්‍රී භාවනාවේ ආනිසංස මේ හිරු සඳු වගේ් සියලු පින්කම් ඉක්මවා උසස් ප්‍රතිඵල ලබාදෙන අයුරු ධර්මයේ විස්තරව සඳහන්ව තිබේ. එමෙන්ම මෛත්‍රී භාවනා ආනිසංස භික්ෂූන් වහන්සේට තවත් ආකාරයකින් පෙන්වා දී තිබේ.
හොදයි. මම මේතරම් වෙලා ඔයාලට පැහැදිලි කලේ මෙත් වැඩීම කොයිතරම් නම් වැදගත්ද කියල. කෝටි ලක්ෂයක් සක්වල පරයා යන තරම් මෙත් සිත් පැතිර යාමට හේතු වූ මහානුභාව සම්පන්න මෙත්තානිසංස සූත්‍රයේ සිංහල අර්ථය ඔයලට දෙන්නම්.
මෙත්තානිසංස සූත්‍රයේ සිංහල අර්ථය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවන මහා විහාරයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි, ´´ කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ´ භාග්‍යවතුන් වහන්සැ´ යි කියා ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ´´මහණෙනි, මෛත්‍රී චෙතෝ විමුක්තිය ආදරයෙන් සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, භාවනා කිරීමෙන් හෙවත් වැඩීමෙන්, නැවත නැවත කිරීමෙන්, යෙදූ වාහනයක් මෙන් කිරීමෙන්, පදිඤ්චි වත්තක් හෝ ස්ථානයක් මෙන් කිරීමෙන්, ඉදිරියෙහි පිහිටි දෙයක් මෙන් කිරීමෙන්, හාත්පසින් මනාකොට රැස් කළ (ගොඩගැසූ) දෙයක් මෙන් කිරීමෙන්, යහපත්ව ආරම්භකොට කිරීමෙන්, ආනිසංශ අටක් බලාපොරොත්තු විය යුතුයි.

3. ´´ඒ කිනම් ආනිශංස අටක්ද? සැපසේ නිදයි. සැපසේ අවදිවෙයි. නපුරු සීන නොදකියි. මිනිසුන්ට ප්‍රිය වෙයි. අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙයි. දෙවියෝ රකිත්. ඔහුට ගින්නක් හෝ විසක් හෝ ආයුධයක් හෝ නොවදී. මෛත්‍රී භාවනාවෙන් රහත් බව ලබන්නට නොහැකිවීනම් (මරණින් මතු) බඹ ලොව උපදී. මහණෙනි, මෛත්‍රී චෙතෝ විමුක්තිය ආදරයෙන් සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, භාවනා කිරීමෙන් හෙවත් වැඩීමෙන්, නැවත නැවත කිරීමෙන්, යෙදූ වාහනයක් මෙන් කිරීමෙන්, පදිඤ්චි වත්තක් හෝ ස්ථානයක් මෙන් කිරීමෙන්, ඉදිරියෙහි පිහිටි දෙයක් මෙන් කිරීමෙන්, හාත්පසින් මනාකොට රැස් කළ (ගොඩගැසූ) දෙයක් මෙන් කිරීමෙන්, යහපත්ව ආරම්භකොට කිරීමෙන්, ආනිසංශ අටක් බලාපොරොත්තු විය යුතුයි.

4. (1) යමෙක් අප්‍රමාණ සතුන් වෙත මෛත්‍රිය සිහියෙන් යුක්තව වඩාද, විදර්‍ශනාවෙන් කෙළෙස් නැති කිරීමයයි කියන ලද රහත් බවට පැමිණියහුගේ දශ සංයෝජනයෝ තුනී වෙත්.

(2) ´´ඉදින් එකද සත්ත්‍වයෙකුට දූෂ්‍ය නුවූ සිත් ඇත්තේ මෛත්‍රී කෙරේද, ඒ කරණකොට ගෙන කුසල් ඇත්තේ වෙයි. සියලු ප්‍රාණීන් කෙරෙහිම සිතින් අනුකම්පා කරන්නාවූ ආය්‍ර්‍යතෙම බොහෝ පින් කරයි.´´

(3) යම් නෙනෙක් සත්ත්‍වයන්ගෙන් පිරුණාවූ පොළොව ජයගෙන තාපසයන් මෙන් දැහැමි රජවරු වූවාහු දන් දෙමින් හැසුරුණහුද, අෂ්ව මෙධය, පුරුෂ මෙධය, සම්මාපාසය, වාචපෙය්‍යය, නිරග්ගලයයි යම් යාග පසක් වෙද්ද, ඒ මහා යාගයෝද මනාකොට වඩන ලද මෛත්‍රී සිතෙහි දහසයවන කලාවටද නොපැමිණෙත්. චන්‍ද්‍රයාගේ රෂ්මිය මෙන් තාරකාවන්ගේ රශ්මිය නැත්තාක් මෙනි.´´

(4) යමෙක් තෙම සතුන් නොමරාද, අනුන් ලවාත් නොමරවාද, අනුන් නොපරදවාද, වෙන කෙනෙකු ලවාත් අනුන් නොපරදවාද, හෙතෙම සියලු සත්ත්‍වයන් කෙරෙහි මෛත්‍රී පිණ්ඩයක් වේ. ඔහු කෙරෙහි කිසිවෙකුගේ වෛරයක් නැත්තේය.´´
ඔන්න දැන් මෙත්තානිසංස සූත්‍රය අතුලු සූත්‍රයන් රාශියක් ඔයාල කියවල තියෙනව. මම කලින් දුන්න කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනව මෙත් වඩන හැටි. බලන්න. බුදුහිමියන් ඇතුලු මහා සංඝයාට දෙන දානෙකට වඩා බලවත් මේ මෙත්සිත මොහොතක් ඇත්කර ගැනීම. මේ පිලිබචව වේලාම සූත්‍ර චේශනාවේ දක්වා ඇති අතර එය මෙමගින් බලන්න.
http://www.facebook.com/photo.php?fbid=462533643796514&set=a.341796045870275.80280.100001196487578&type=3&theater


මෙය උපුටා ගැනීමකි.සියලු දෙනාට කියවා තේරුම් ගැනීම උදෙසා මෙහි පලකලෙමි
1Like ·  · 

Monday, October 28, 2013

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”

මේලෝකය හරිම අමුතු යි. යහපත් දෙයක් කළත් බණිනවා. නොකළත් බණිනවා. භාවනා කළත් බණිනවා. භාවනා නොකළත් බණිනවා. බණ කිව්වත් බණිනවා. බණ නොකිව්වත් බණිනවා. සිල්වත්ව ජීවිතය ගත කළත් බණිනවා. දුස්සීලයන්ටත් බණිනවා. ඒ නිසා නින්දා අපහාස කියන්නේ අසත්පුරුෂයන්ගේ සතුට පිණිස පවතින දෙයක්. අසත්පුරුෂයන් සතුටු වන්නේ අනුන්ට නින්දා අපහාස කිරීමෙන්. අනුන්ට ගැරහීමෙන්.
පව්කාර පුද්ගලයන් නිතරම ඊර්ෂ්‍යාවෙන් කල්ගෙවනවා. තව කෙනෙකුට ගෞරවයක් ලැබෙනවාට, ප‍්‍රශංසාවක් ලැබෙනවාට කැමති නැහැ. ඒ නිසා යහපත් වැඩක් කරන්නට හදන විටත්, එය කඩාකප්පල් කරන අදහසින් යහපත් පුද්ගලයාට පවා නින්දා අපහාස කරනවා. ගරහනවා. අභූත චෝදනා කරනවා. එවැනි පුද්ගලයන්ගේ ඇසුර ඉතාමත්ම භයානකයි. එවැනි පුද්ගලයන්ගේ ඇසුරෙන් ලෝකයේ කාටවත් යහපතක් සිදුවන්නේ නැහැ. තමාටත් අයහපතක් සලසන, අනුන්ටත් අයහපතක් සලසන එවැනි පුද්ගලයන්ව හඳුනාගෙන දුරින්ම දුරු කළ යුතුයි.
පවිටු පුද්ගලයන් ලාභ සත්කාර, කීර්ති ප‍්‍රශංසා වලට ඉතාමත්ම කෑදරයි. ඉතින් එබඳු පුද්ගලයන් හැම තිස්සේම කල්පනා කරන්නේ ලාභ, සත්කාර, කීර්ති, ප‍්‍රශංසා ලබාගෙන ජීවත් වෙන ආකාරය විතරයි. ඔවුන්ට කෙලෙහි ගුණ මාත‍්‍රයක්වත් පිහිටන්නේ නැහැ. කෙලෙහි ගුණ නැති අසත්පුරුෂයන්ට උදව් කිරීමෙන් අමාරුවේ වැටෙන්නේ උදව් කරන පුද්ගලයාමයි.
අසත්පුරුෂයාට කොච්චර උදව් ලැබුනත් ඒ හේතුවෙන් ඔහු සත්පුරුෂයෙක් වෙන්නේ නැහැ. අසත්පුරුෂයාගේ ස්වභාවය අඟුරු කෑල්ල වගෙයි. මොනතරම් කිරෙන් සේදුවත් අඟුරු කැබැල්ල සුදු වෙන්නෙ නැහැ. ඒ නිසා අපේ පැරණි කවියන් අසත්පුරුෂයන්ව මේ විදිහට හඳුන්වා දී තිබෙනවා.
“කොතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්
කිරි දියෙන් දෙවියත් අඟුරු සුදුවෙන කලෙක් නම් නැත්”
මෙහි තේරුම මෙයයි; කොයිතරම් ඇප උපස්ථාන කළත්, උදව්පදව් කළත්, දුර්ජනයන් කිසිදවසක යහපත් වෙන්නෙ නැහැ. කොයිතරම් වාරයක් කිරි වතුරෙන් අඟුරු සේදුවත් සුදු වෙන්නෙ නැහැ. එනිසා අසත්පුරුෂයන්ට සැලකීම නිසා දුක් විඳින්නට සිදුවෙද්දී බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගාථාව සිහි කිරීම ඉතාමත්ම ප‍්‍රයෝජනවත් වෙනවා.
කෙලෙහි ගුණ නොදත් අසත්පුරුෂයෙකුගෙන් බැට කෑ අහිංසක අම්මා කෙනෙකුගේ කතාවක් තමයි මේ ගාථාවට පසුබිම වන්නේ.
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කාලයේ ඉතා අහිංසක පවුලක් වාසය කළා. ඒ නිවසේ ඉතාමත් කාරුණික අම්මා කෙනෙක් හිටියා. ඇයට දරුවන් කිහිප දෙනෙක් හිටියා. ඇය දරුවන්ට වගේම එක්තරා මිත්‍යා දෘෂ්ටික පැවිද්දෙකුට උපස්ථාන කළා. පාවෙය්‍යක ආජීවක නමිනුයි ඒ මිත්‍යා දෘෂ්ටික පැවිද්දාව හඳුන්වන්නේ. මේ අහිංසක අම්මාත්, දරුවනුත් මේ හිස් පුද්ගලයාට උදව් කළේ ශ‍්‍රද්ධාවෙන්මයි. පවුලෙ කෙනෙකුට වගේ සැලකුවා. ආදරයෙන් ඇප උපස්ථාන කළා. පවුලේ හැම කටයුත්තක්ම කිරීමට මොහුගේ ආශිර්වාද ගත්තා. අන්තිමේදී මොහුගෙන් නොඅසා කිසි දෙයක් නොකරන මට්ටමට මේ පවුල පත්වුනා.
මිත්‍යා දෘෂ්ටික පැවිද්දෙකුගේ ග‍්‍රහණයට හසු වූ මේ පවුලට වටිනා දේවල් කරා යන්නට ලැබුනේ නැහැ. ඒ සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් වැඩසිටි කාලයයි. ඒ බණ අසන්නට යන මිනිසුන් සවසට සුවඳ මල්ගෙන සැවැත් නුවර දෙසට යද්දී අර අම්මා පුදුමයෙන් වගේ බලා සිටියා. නමුත් මේ අම්මාට ජේතවනාරාමයට යාමට අර පාවෙය්‍යක නම් වූ ආජීවකයා තහනම් කරලයි තිබුනේ. හැමතිස්සේම බුදුරජාණන් වහන්සේ ගැනත්, ශ‍්‍රාවකයන් ගැනත් මොහු ඉතා අසාධාරණ විදිහට විවේචනය කරමින් සිටියා.
බුදුබණ අසා පැහැදෙන මිනිසුන් ඉතාම සතුටෙන් බුදුගුණ කිය කියා, බුදුරජාණන් වහන්සේගේ අසිරිය කිය කියා එන අයුරු මේ අම්මා ආශාවෙන් බලා සිටියා. ඇයටත් දෙව්රම් වෙහෙරට යන්නට ආශාවක් ඇතිවුනා. ඉතින් ඇය උපස්ථාන කරන ආජීවකයා ළඟට ගියා. “පින්වත් ආර්යයන් වහන්ස, දෙව්රම් වෙහෙරට යන අය බුදුගුණ කිය කියා ආපසු යන හැටි අසන විට අනේ…. මටත් දෙව්රම් වෙහෙරට යන්නට ආශාවක් ඇති වුනා. ඉතින් මං කල්පනා කළේ බණ අසන්නට යන්නයි. ඔබ වහන්සේ ඒ ගැන මොකක්ද කියන්නේ?”
“අහෝ…! රත්තරන් මෑණියනි, දෙව්රම පැත්ත පළාතෙ යන්න එපා! එතන ගුරුකම් කරනවා. යන යන අය මුලා කොට රවටා ගන්නවා. තරුණ පිරිස මහණ වෙනවා. එතකොට ජාතිය වඳවෙලා යනවා. ඒ නිසා ඔය පැත්ත පළාතට යන්න එපා! භාවනා කරන්න ගිහින් පවුල් අවුල් වෙලා තියෙන්නෙ. ඒ නිසා ශ‍්‍රමණ ගෞතමයන්ගේ උපදෙස් ගන්න යන්න එපා!” කියල මේ අසත්පුරුෂයා අර අම්මාගේ ධර්මශ‍්‍රවණයට බාධා කළා. තමන් මේ සා භක්තිමත්, ආජීවක තැන විසින් දෙන උපදෙස් වලට පිටුපාන්නට අම්මා බිය වුනා. ඒ නිසා ඒ ගමන නැවතුනා.
සැදැහැවතුන් ගේ ජීවිත වලට පින් රැස්වන අයුරු දකිනා විට ඒ අම්මාට නැවත නැවතත් ආශාව ඇතිවුනේ දෙව්රම් විහාරයට යන්නටයි. ඒ සෑම අවස්ථාවේදීම අම්මා කළේ අර මිත්‍යා දෘෂ්ටික පැවිද්දාගෙන් අවසර ඉල්ලීමයි. ඒ පුද්ගලයා කිසිසේත්ම අවසර දුන්නේ නැහැ. අන්තිමේදී අම්මාට මෙහෙම හිතුනා. “අනේ පුතේ, අපේ ආර්යයන් වහන්සේ අපි දෙව්රම් විහාරයට යනවාට කැමැති නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසනවාට කැමැති නැහැ. මිනිසුන්ට නිවනක් වුවමනා නැහැලූ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියලයි. අපේ ආර්යයන් වහන්සේ කියන්නේ ඒ අමා නිවන් සුව බොහෝ දුරලූ! අනේ පුතේ, මට නම් වුවමනා බුදුබණ අසන්නමයි. මේ නිසා පුතා ගිහින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න අපගේ නිවසට වඩින්න කියලා. මං දානෙ ටිකකුත් සූදානම් කරන්නම්.”
අම්මා ගේ වචනය පිළිගත් පුතා කෙළින්ම ගියේ අර මිත්‍යා දෘෂ්ටික පැවිද්දා ළඟටයි. ගිහින් කාරණාව කියා හිටියා. ඒ පැවිද්දාට හොඳටම කේන්ති ගියා. “ඒයි රත්තරන් දරුවා, නුඹට පිස්සුද? නුඹලාගේ අම්මාට මනස්ගාතයක් වැදිලා. ඔය අලූත් විලාසිතාවට අහුවෙලා ඉන්නෙ. ආපහු ගෙදර පලයන්.”
“අනේ ආර්යයන් වහන්ස, එහෙම කරන්න බැහැ. අම්මා මට බනීවි.” “නෑ… නෑ… අම්මා බනින්නේ නැහැ. දානෙ හදාපුවාවෙ. මං දානෙට වඩින්නම්. වෙන කවුරුවත් ඕන නැහැ. නුඹ හැරිලා පලයන්.” “අනේ ආර්යයන් වහන්ස, මට නම් එහෙම කරන්න බැහැ. අම්මා මට කුමක් කරාවිද දන්නෙ නැහැ.” “රත්තරන් දරුවෝ, එහෙනම් නුඹ මෙහෙම කරපන්. දෙව්රම් වෙහෙරට ගිහින් ශ‍්‍රමණ ගෞතමයන්ට දුර පාරක් කියාපන්. එතකොට දානෙට වඩිද්දී රවුම ගහගෙන එනවිට වෙලාව ගිහින් ඉවරයි. ඊට පස්සේ දානෙ අපට තමයි. හික්…. හික්….”
රත්තරන් දරුවෝ කියපු නිසා මේ දරුවා මේ මිත්‍යා දෘෂ්ටික පැවිද්දාට හසුවුනා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඉතාමත්ම දුර පාරක් කිව්වා. කියල නැවත අර මිත්‍යා දෘෂ්ටික පැවිද්දා මුණගැසුනා. “පින්වත් ආර්යයන් වහන්ස, නුඹ වහන්සේ කියූ පරිද්දෙන්ම මං පාර වරදින විදිහට ආරාධනා කළා.” “මගේ රත්තරන් පුතේ, යසයි! ශ‍්‍රමණ ගෞතමයන්ට පාර වරද්දවන්නමයි තියෙන්නෙ.”
අර පින්වත් අම්මා ඉතාමත් සතුටට පත්වුනා. ගොම ගා ගෙය පිරිසිදු කළා. මල් විසිරෙව්වා. බුදුරජාණන් වහන්සේට වැඩසිටින්නට ගරු සරු ඇතිව ආසනයක් පැණෙව්වා. එදා කාටත් හොරා අර පාවෙය්‍යක ආජීවකයා කුස්සිය පැත්තෙන් ගෙට රිංගුවා. කාමරයට වැදිලා නිශ්ශබ්දව හිටියා. උන්දෑ බලාපොරොත්තු වුනේ කාල වේලා ඉක්මගිය පසු පිසින ලද දානය අනුභව කිරීමටයි.
මහා කාරුණික බුදුරජාණන් වහන්සේව නොමඟ යවන්නට දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයේ කිසිවෙකුටවත් බැරි බව අර මිත්‍යා දෘෂ්ටික පැවිද්දා දන්නෙ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් යුතුව ඒ නිවසට වැඩම කළා. අම්මාට පුදුමාකාර සතුටක්. ඒ අම්මා ඉතාමත්ම ශ‍්‍රද්ධාවෙන් දන්පැන් පූජා කළා. දන් වළඳා අවසානයේ බුදුරජාණන් වහන්සේ ඒ අම්මාට චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කරන්නට පටන් ගත්තා. සතුට ඉවසුම් නැති අම්මා, ඉතාම ප‍්‍රීතියෙන් යුක්තව තුන් යලක් “සාදු! සාදු! සාදු!” කියා සාදුකාර දුන්නා. එතකොට කාමරයේ සිටි පාවෙය්‍යක ආජීවකයාට මේ සාදුනාදය ඇසුනා. ඔහුට ඊර්ෂ්‍යාව ඉහිලූම් නැතුව ගියා. “තට… තට…” ගාමින් වෙව්ලන්න පටන් ගත්තා. මැද්දට කඩා පැන්නා. “ඒයි කාලකණ්ණි ගැහැණිය, තී විනාශ වෙලා පල! තිට දැන්ද සත්කාර කරන්න පැවිද්දන් ඕන වුනේ? තිට සාදුකාර කියවෙන්නේ දැන්ද? නීච ගැහැණිය, තී මගේ බසට පිටුපා මේ ශ‍්‍රමණයාගේ බණ අසා චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නටද තී හදන්නේ…?” කියා නින්දා අපහාස කොට පලා ගියා.4_7 stanza
ඒ අම්මාගේ හදවත කඩාගෙන වැටුනා වගෙයි. විශාල කම්පනයක් ඇතිවුනා. අම්මා දෑස වසාගෙන හඬන්න පටන්ගත්තා. අම්මාගේ සිත නොසන්සුන් වුනා. ධර්ම දේශනාවට එකඟ වෙලා තිබුණු සිත වේදනාවෙන් භරිත වුනා. සිහිය යොමුකරගන්නට බැරි වුනා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අම්මා දිහා ආදරයෙන් බැලූවා. “පින්වත් උපාසිකාව, ලෝකයේ පවතින ඔය විසම කතාබහට අපි පැටලෙන්න ඕන නැහැ. අන් අයගේ නින්දා අපහාස ගණන් ගත යුතු නැහැ. ඒවා ගැන අපි සිතන්නට ඕනත් නැහැ. ඒවා නොසලකා හැර අපි තම තමා කළ නොකළ දේ ගැන පමණක් කල්පනා කරමු. දැන් කළ යුතු දේ ධර්මශ‍්‍රවණයයි. ඒ ගැන විතරක් දැන් හිතන්න. මේ ධර්මශ‍්‍රවණයටම සවන් දෙන්න. මේ ගැනම හිතන්න” කියා බුදුරජාණන් වහන්සේ මිහිරි ස්වරයෙන් මෙම ගාථාරත්නය වදාළා.
න පරේසං විලෝමානි – න පරේසං කතාකතං
අත්තනෝ’ව අවෙක්ඛෙය්‍ය – කතානි අකතානි ච
අනුන්ගෙ නින්දා ගැරහිලි – අනුන් කරපු නොකරපු දේ
සිතමින් අපගේ සිතුවිලි – අවුල් නොකර ගන්නේ
තමන්ගෙ දියුණුව සිතමින් – තමන් කරපු නොකරපු දේ
සිතමින් අපගේ දියුණුව – නිති සලසා ගන්නේ
පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙය ඉතාම වැදගත් උපදේශයක්. අපි ඉතාම ශ‍්‍රද්ධාවෙන් හඬ නගා බුදුන් වැන්දොත් සමහර විට තව කෙනෙක් ඒකට දොස් කියාවි. “ඔයාගෙ පාඩුවෙ ඔයා වඳින්න. ඔච්චර හයියෙන් ගාථා කියන්නේ මොකද? ඔයා ශ‍්‍රද්ධාවන්ත කෙනෙක් කියල ලෝකෙට පෙන්නන්න ඕනද?” මෙවැනි දේ කියල අනුන්ට ගරහන අය හැමතැනම ඉන්නවා. ඒ නිසා අනුන්ගේ නින්දා අපහාස අපට වැඩක් නැහැ.
අපි තව එකක් මතක තබාගන්න ඕන. අනුන්ට නින්දා අපහාස කරන, අනුන්ට ගරහන සියලූ දෙනාම ඒ කරන්නේ පිරිසිදු සිතකින් නොව, පිරිහුන සිතකිනුයි. ඒ නිසා ඔවුන් හානිකරගන්නේ තමන්ටමයි. තමන්මයි පිරිහිලා යන්නේ. අනුන්ට ගරහලා නින්දා අපහාස කරලා අභූත චෝදනා කරලා ඒ හේතුවෙන් සැපයට පත් වුන කෙනෙක් ලෝකයේ නැහැ. ඒ නිසා ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවාවෙ. අපි කරන හොඳ වැඩ දිගටම කරමු. අපිත් රකින සිල් තව තවත් හොඳින් රකිමු. අපි තව තවත් හොඳින් බණ භාවනා කරමු. ධර්මය ඉගෙන ගනිමු. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමු. බුදුරජාණන් වහන්සේ වදාළේ  ‘ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ’ කියලයි. හැබැයි එය අදාල වෙන්නේ ධර්මයේ හැසිරෙන කෙනාට මිසක් ධර්මයේ නොහැසිරෙන කෙනාට නොවෙයි. ඒ නිසා අපි ධර්මයේ හැසිරෙන අය වෙමු.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Saturday, June 29, 2013

ජීව්තයට බුදුදහමෙන් බිදක්


ඉතාම වටිනා ධර්මදේශනා කිහිපයක් ෂෙයා කරන්න හිතුනේ අද සමාජයේ අපිට නියම බුදුදහම ඇහෙන්නේ නැති කාලයක නියම බුදු දහම කුමක්දැයි පෙන්වාදෙමින් සන්දිට්ඨික වු මේ ධර්මයේ වටිනාමකම කියාදෙන අතිපුජ්යය කිරිබත්ගොඩ ලොකුස්වාමින්වහන්සේගේ මෙහෙවරට පුංචි ශක්තියක් වීමටය.
Download form Google Drive

Friday, May 3, 2013

ඔබ ධර්මය තුළ දියුණු වෙනවා ද කියා දැන ගන්නේ කොහොම ද…?





දයාබර යාලුවනේ,
බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය තමයි මේ ලෝක‍යේ තිබෙන අසිරිමත්ම දේ. ඒ ධර්මය සිතා ගන්නට බැරි තරම් අසිරිමත්. එහෙම වෙන්නෙ කරුණු කාරණා රාශියක් නිස යි. ඒ අසිරිමත් කරුණු අතර තිබෙන සුවිශේෂී ම දෙයක් තමයි, සම්බුදු සමිඳුන් ගේ ධර්මය කථිතමාත්‍රයකින් කෙළවර නොවීමඒ කියන්නේ බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය, කවදාවත් කතාබහකින් ඉවර වෙන දෙයක් ‍නෙවෙයි. ධර්මය කියන්නේ හැම විට ම ප්‍රායෝගික ව ක්‍රියාත්මක කළ යුතු දෙයක්. යම් කිසි කෙනෙක් තුළ ධර්මය ප්‍රායෝගික ව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්, ඒ කෙනා බුදු සමිඳුන් ගේ ධර්මය තුළ මිය ගිය කෙනෙක්. ඒ කියන්නේ එයා තුළ සද්ධර්මය ජීවමාන වෙන්නේ නැහැ.
ඒ නිසා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, වගේ මේ හැම දෙයක් ම එක ම එක නිෂ්ඨාවක් (නිශ්චිත අවසන් අරමුණක්) ‍පිණිස ම යි පවතින්නේ. ඒ නිෂ්ඨාව තමයි, පරිපූර්ණ වශයෙන් කෙළෙස් සංසිඳවීම. ඉතින් මොකක් ම හරි හේතුවන් හින්ද, ධර්ම සාකච්ඡාවකින් හරි ධර්ම ශ්‍රවණයකින් ‍හරි කෙළෙස් සංසිඳවීම සිදු වෙන්නේ නැත්නම්, එතැන බුදු දහම නැහැ. එතැන තිබෙන්නේ ධර්මයේ වේශයෙන් ක්‍රියාත්මක වෙන වෙනත් දෙයකු යි.
ඒ නිසා ධර්මය ගැන උනන්දු වෙන, ධර්මයේ හැසි‍රීමට උත්සාහ කරන ඔබ තුළ, ඇත්තට ම බුදු සමිඳුන් ගේ අවවාදය ක්‍රියාත්මක වෙනවද කියල දැනගන්ට උපාකාර වෙන කරුණු කිහිපයක් ලියන්න ඕනි කියල හිතුන.. හැබැයි මේ දේවල් කියන්නේ, අනිත් අයව මනින්ට නෙමෙයි. එහෙමත් නැත්නම්, තාමන්ව ම මැණගෙන, හීනමානය හරි අධිමානය හරි ඇති කරගන්නට ත් නෙවෙයි. මේ කරුණු දැනගෙන, තමන්ගෙ ම තත්වය තේරුම් අරගෙන, දහම තුළ අප්‍රමාදීවීමට යි.
ධර්මයේ පිහිටපු කෙනා කැළඹුනත් මතුවෙන්නේ ධර්මය විතර යි
1. ඇත්තෙන් ම ධර්මයේ හැසිරෙන කෙනෙක් තුළ මූලික ව ම ‍සිදු වන දෙයක් තමයි, ඒ කෙනා තුළ ගුණධර්ම දියුණු වීම. කරුණාව, මෛත්‍රිය, අනිත් අය ගේ අදහස් ඉවසීම, අනිත් අයට උපකාර කිරීම ආදී ගුණ ධර්ම ඒ කෙනා තුළ ක්‍රමයෙන් දියුණු වෙනවා. මේ දේ ධර්මතාවයක් හැටියට ම සිදු වෙන දෙයක්.
2. ඒ වගේ ම විශේෂයෙන් ම ඒ කෙනා තුළ ඇති වන ගුණ ධර්මයක් තමයි කෙළෙහි ගුණ දන්නාකම. එය විශේෂ ගුණ ධර්මයක් හැටියට සදහන් කළේ ඇයි…? මේ ගැන කවුරු මොනවා කිව්වත්, කෙළෙහි ගුණ දන්නාකම කියන්නේ, කේවල (මුලුමනින් ම) සත්පුරුෂ භූමිය යි. ඒ කියන්නේ, සත්පුරුෂ භූමි යත් කළගුණ දන්නා බ වත් වෙන් කළ නො හැකි ලෙස බද්ධ වෙලයි තිබෙන්නේකෙළෙහි ගුණ දන්නා බව යම් තැනක නැත්නම් එතැන සත්පුරුෂභාවයක් ඇත්තේ ම නැහැ. මොකද බුදු රජාණන් වහන්සේ වදාළා, කෙලෙහි ගුණ නො දන්නා බව, මුලුමනින් ම අසත්පුරුෂ භූමිය බව. යම් කෙනෙක් තුළ, කළ ගුණ දන්නාබව නැත්නම්, ඔහු ඒකාන්තයෙන් ම අසත්පුරුෂයෙක්. විශේෂයෙන් ම යම් කිසි කෙනෙක්, සද්ධානුසාරී භාවයට හෝ පත් වෙනවා නම්, ඔහු තුළ ධර්මතාවයක් හැටියට ම, ස්ථීර ව‍ශයෙන් ම මේ උතුම් ගුණ ධර්මය පිහිටනවා. මෙය බලෙන් රිංගවිය යුතු දෙයක් හෝ, බලෙන් ඇති කළ හැකි දෙයක් හෝ නො වෙයි. ඕනම කෙනෙක් සත්පුරුෂ භූමියට පා තිබයනවා ත් එක්ක ම ධර්මතාවයක් හැටියට ම ඔහු තුළ කළ ගුණ දන්නා බව පිහිටනවා.
3. ධර්මය තුළ දියුණු වෙන, ධර්මය හිතට ගිය කෙනා ගේ තවත් ලක්ෂණයක් තමයි, ඒ කෙනා ලෝකය ත් සමග කැළඹී යන්නේ නැහැ. ඒ කියන්නේ, අපි හිතමු එයාට නින්දා අපහාස හෝ රෝගාබාදිය හෝ වෙන කිසියම් හෝ ව්‍යසනයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒත් ඒ දෙවල් වලින් ඒ කෙනා ගේ සිත කැළඹෙන්නේ නැහැ. සිත යම් මට්ටමකට හෝ කැළඹුණත් එයා ට සිහි වන්නේ ධර්මය ම යි. එයා ගේ වචනයෙන් පවා බැහැරට නික්මෙන්නේ ධර්මය ම යි. ධර්මය සිතට නො ගිය කෙනා, ලෝකයත් සමග කැළඹෙනවා වගේ ම, ඒ කැළඹීම තුළින් එයා ගේ අභ්‍යන්තරයේ තිබෙන ‍අකුසල් එළියට පනිනවා. නින්දා අපහාස ලැබුණන් ධර්මයේ පිහිටපු කෙනා ගේ සිත එක්කෝ උපේක්ෂාවට පත් වෙනවා, එහෙමත් නැත්නම්, කැරකි කැරකී ධර්මය තුළ ම පිහිටනවා. මේ දේ ධර්මතාවයක් හැටියට ම සිදු වෙනවා.
4. ඒ වගේ ම බුදු පියාණන් වහන්සේ ත්, ධර්ම රත්නය ත්, සංඝරත්නය ත් මුල් කරගෙන කෙතරම් නින්දා අපහාස, වාද විවාද, ඇතිවුවත්, ධර්මයේ පිහිටපු කෙනා ගේ සිත, නැවත නැවතත් බුදු ගුණ දම් ගුණ සග ගුණ තුළම පිහිටනවා. සංසි‍‍‍‍‍ඳෙනවා. ඇවිස්සී යන්නේ නැහැ.
5. ධර්මයේ හැසිරෙන, ධම්මානුධම්ම පටිපන්න කෙනා ගේ තවත් ලක්ෂණයක් තමයි, එයා කථා කළොත් කථා කරන්නේ ධර්මය ම විතර යි, සිතුවොත් සිතන්නේ ධර්මය ම විතරයි. ඒ දෙක ම නැතිනම් එයා සතිමත් ව උපේක්ෂාවෙන් ඉන්නවා. ධම්මානුධම්ම පටිපන්න කියල කියන්න පුලුවන් වෙන්නේ අන්න ඒ වගේ කෙනෙකුට තමයි.
මේ මූලික ම කරුණු ටිකක් විතර යි..දයාබර යාලුවනේ, ඒ වගේ ම බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා, යම් යම් භාවනාවන් වඩන විට, ඒ භාවනාවන් තමන් තුළ වැඩෙනවා ද කියා දැනගන්නට යම් යම් ක්‍රම. ඒ ක්‍රම කිහිපයකුත් ලියන්නම්. සමහර විට ඔබට ප්‍රයෝජනවත් වේවි.
භාවනාවේ දියුණුව මනින්නේ ගූඪ අත්දැකීම් වලින් නො වෙයි
1. ඔබ අසුභ සඤ්ඤාව එහෙමත් නැත්නම් අසුභ භාවනාව වඩනවා නම් = ‍මේ භාවනාව ඔබ තුළ හොඳින් වැඩෙනවා නම් සිදු වෙන දේ තමයි, ඔබේ සිත මෙවුන්දම් සේවනයෙන්, ඉවතට නැමීම, ඉවතට හැකිලීම. මේ භාවනාව වැඩීම නිසා, මෙවුන්දම් සේවනය ගැන එක්කෝ උපේක්ෂාව ඇතිවෙනවා, නැතිනම් පිළිකුල උපදිනවා. ඉතින් භාවනාව වඩන කාලය දීර්ඝ වුනත් කෙටි වුනත්, ඔබ තුළ මෙවුන්දම් සේවනයට ඇති කැමැත්ත අඩු වෙන්නෙ නැතිනම්, ඔබ තුළ මේ භාවනාව, හොඳින් දියුණු වන්නේ නැහැ. වඩන කාලය කෙටි වුනත් දිග උනත්, මෙවුන්දම් සේවනයට ඇති කැමැත්ත අඩු වෙනවා නම්, ඔබ තුළ මේ භාවනාව හොඳින් වැඩෙනවා.
2. මරණ සඤ්ඤාව එහෙමත් නැත්නම් මරණානුස්සති භාවනාව වඩනවා නම් = ජීවිතය ගැන ඇති ඇල්ම දුරුවෙන්ට පටන් ගන්නවා. සිත ජිවිතට ඇති ඇල්මෙන් ඉවතට නැමෙනවා. හැකිලෙනවා. ජීවිත තණ්හාව ගැන උපේක්ෂාව හරි පිළිකුළ හරි උපදිනවා. මේ කියන්නේ මැරෙන්න හිතෙනවා කියන එක එහෙම නෙමෙයි. මේ භාවනාව වඩන විට ජීවිතය ගැන ඇති දැඩි තෘෂ්ණාව දුරු වෙන්ට පටන් ගන්නවා.
3. අහාරයේ පටික්කූල සඤ්ඤාව වඩනවා නම් = රස තෘෂ්ණාව ආහාර වල තිබෙන රසයට ඇති ගිජුකම දුරුවෙන්ට පටන් ගන්නවා. සිත කෑමවල රසයට ඇති ආශාවෙන් ඉවතට නැමෙනවා. ඉවතට හැකිලෙනවා. රසතණ්හාව ගැන උපේක්ෂාව හරි පිළිකුළ හරි ඇති වෙනවා. මේ කියන්නේ කෑම ගන්න බැරිව යෑමක් ගැන එහෙම නෙවෙයි.
4. සියලු ලෝකයට නො ඇලෙන සඤ්ඤාව පුරුදු කරනවා නම් = ඒ ඒ ලෝකවල (දිව්‍යලෝක ඇතුළු) ඉපදීමට තිබෙන කැමැත්ත දුරුවෙන්ට පටන් ගන්නවා. ඒ ඒ ලෝකවල ඉපදීමට ඇති කැමැත්තෙන්, සිත හැකිලෙනවා. ඉවතට නැමෙනවා. ඒ ගැන උපේක්ෂාව හරි පිළිකුළ හරි ඇතිවෙනවා.
5. අනිත්‍ය සඤ්ඤාව එහෙමත් නැත්නම් අනිත්‍ය භාවනාව වඩනවා නම් = ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා වලට තිබෙන කැමැත්ත දුරු වෙන්ට පටන් ගන්නවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදියෙන් හිත ඉවතට නැමෙනවා. ඒවා ගැන උ‍පේක්ෂාව හරි පිළිකුළ හරි ඇති වෙනවා..
ගොඩක් දෙනෙක් වඩන භාවනාවක් නිසා, මේ ගැන පොඩ්ඩක් කියන්නම්. අනිත්‍ය භාවනාව තමන් තුළ වැඩෙනවා ද කියා දැනගන්ට තිබෙන්නේ, ඒ තුළින් ලැබෙන යම් යම් අත්දැකීම් වලින් නෙමෙයි. මුලින් කිව්ව ක්‍ර‍මයෙන්. අනිත්‍ය භාවනාව වඩන ඔබ තුළ ලාභ සත්කාර ගැන, කීර්ති ප්‍රශංසාක ගැන උපේක්ෂාවක් හරි පිළිකුළක් හරි ඇති වෙනවා නම්, සිත ඒවායින් ඉවතට හැරෙනවා නම්, එතනින් තමයි තේරුම් ගන්ට පුලුවන් වෙන්නේ, අනිත්‍ය භාවනාව වැ‍‍‍‍‍ඩෙනවා ය කියා. අනිත්‍ය භාවනාව වඩද්දීත්, “නම ප්‍රසිද්ධකර ගන්නට, බොහෝ දෙනෙක් අතර දැනගත් චරිතයක් වෙන්නට, තමාදහම් දැනුම ඇති අයෙක්, භාවනා කරන අයෙක් කියා ප්‍රසිද්ධ වන්නට, අන් අය‍ගේ ලාභ සත්කාර තමා වෙත ලබාගන්නට,” ආදී වශයෙන් තමා තුළ තිබෙන කැමැත්ත එහෙමම තියෙනවා නම්, එහෙමත් නැත්නම් ටික ටික වැඩි වෙනවා නම්, (කුමන අද්දැකීමක් ලැබුණත්) තේරුම් ගන්නට තිබෙන්නේ, ඔබ තුළ අනිත්‍ය භාවනාව නො වැඩෙන බව යි.
6. අනිච්චේ දුක්ඛ සඤ්ඤාව එහෙමත් නැත්නම්, අනිත්‍ය දේ දුකයි කියා වඩන භාවනාව වඩනවා නම් = මේ භාවනාව ඔබ තුළ හොදින් වැඩෙනවා නම්, “බණ භාවනා කරන්නේ නැතිව අලසව ඉදීම ගැනත්, කුසීතව ඉදීම ගැනත්, කම්මැලි ව ඉදීම ගැනත්, විවිධ දේවල් කරමින් ප්‍රමාදීව ඉදීම ගැනත්, ඔබ තුළ ඉතා ම තද බයක් ඇති වෙනවා. තීවෘර බියක් ඇති වෙනවා.
උපමාවකින් පෙන්වලා දී තිබෙන්නේ, හරියට කඩුවක් අතින් ගත් වදකයෙක්, බෙල්ලට කොටන්න ඉන්න විට ඇතිවෙන බිය වගේ ඉතා තදබල බියක්, මුලින් කියපු දේවල් ගැන ඇති වෙනව කියල යි. ඉතින් කම්මැලි කමට සිටීම ගැන එහෙම බියක් ඇති වෙන්නේ නැත්නම්, ඒ භාවනාව එයා තුළ වැඩිලා නැහැ.
ඇත්තෙන් ම අද කාලේ ධර්මයේ හැසිරෙන්න වෙහෙස වෙන අය දිහා බැලුව ම, ඒ අයට නම් අනිත්‍ය දේ දුකයි කියන සඤ්ඤාව සුවල්පයක් වත් වැඩිල නෑ කියල යි මට නම් හිතෙන්නේ. ඒ තරමට ම ප්‍රමාද වෙවී කාලය කමින් ජීවිත ගතකරනවා.
7. දුක් දේ අනාත්මයි කියා වඩන භාවනාව, (දුක්ඛේ අනත්තසඤ්ඤා) වඩනවා නම් = මේ භාවනාව වැඩීමෙන් සිදු වෙන්නේ, තමන් ගේ ශරීරය ගැනත්, බාහිර තිබෙන සියලු දේ ගැනත් ඇති මම කියන හැගිම, මගේ කියන හැගීම ආදී සියලු මානයන් දුරින් ම දුරු වී යෑම යි.
ප්‍රමාදී අයට පසුතැවෙන්ට වෙන දිනය වැඩි ඈතක ‍නොවේ
ඉතින් යාලුවනේ ධර්මය තුළ අපි දියුණු වෙනවා ද කියන බලන්ට තිබෙන්නේ, ධර්මයේ හැසිරීම සහ බණ භාවනා කිරීම තුළින් ලැබෙන යම් යම් ගූඪ අත්දැකීම් තුළින් නෙමෙයි. මෙන්න මේ ගුණ ධර්ම තමන් තුළ දියුණු වෙනවා ද නැද්ද කියන එක තුළිනු යි. ඒ නිසා අපි අපි ගැන ම හැගීමක් ඇති කරගනිමු. මේ කියන කිසි දෙයක් තමන් තුළ දියුණු වෙලා නැති නම්, දියුණු වෙනපාටකුත් පේන්න නැතිනම්, අපි ඉක්මණින් ම කළ යුත්තේ, වාද විවාද කර කර, ඔහේ අන්තර්ජාලයේ ඇවිද ඇවිද ඉන්න එක වහාම නවත්ල දමල, ඔලුව ගිනි ගත්ත කෙනෙක් ඒ ගිනි නිවා ගන්න උත්සාහ කරනවා වගේ, ධර්මය දියුණු කර ගැනීම පිණිස මහන්සි වීම යි. ඒ පිණිස ම සියලු දෙනා ගේ ම සිත් පිහිටාවා..!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons